ටොරන්ට් - Torrent (PART 01)




ටොරන්ට් ගැන තමා අද අපි කතා කරන්න යන්නෙ.. ගොඩක් අයට අලුත් දෙයක් නෙවෙයිනෙ ඉතින් මේ ටොරන්ට් කියන්නෙ. දුප්පත් අපිට උණු උණුවෙ එන චිත්‍රපටි වගේම තව ගොඩක් දේවල් download කරගන්න තියෙන්නේ මේ ටොරන්ට් තමා.

ඒක අපි වගේ දුප්පත් අයට එහෙම උනාට අපි මේ නිකන් ගන්න ටොරන්ට් ෆයිල් ගොඩක් ඒව සල්ලි දීල ගන්න තියෙන  ඒව.. ඒ නිසා මේ ටොරන්ට් සමහර රටවල් වල නීතියෙන් තහනම් කරලත් තියෙනව, තවත් සමහරක් ඒව අපේ රටට දෙන්නෙත් නැහැනෙ.. අපි බය වෙනවද ඕව් දුන්නෙ නැහැ කියල.. දෙන්නෙ නැත්නම් හොරෙන් ගිහින් උස්සනව..

ටොරන්ට් ෆයිල් එකක් කියන්නෙ මොකද්ද කියන එකේ ඉදල සරලවම මේක ගැන කියන්න මන් ට්‍රයි කරන්නම්.. මුලින්ම ටොරන්ට් ෆයිල් එකක් අපිට download කරගන්න පුලුවන් වෙන්නෙ බිට් ටොරන්ට් (BitTorrent) හරි යූ ටොරන්ට් (uTorrent) එකෙන් හරි තමා. නැත්නම් මේව ගන්න තවත් විදි තියෙනව.. ඒව මං පස්සෙ කියන්නම්..

මේ තියෙන්නෙ ටොරන්ට් වලින් Download කරගන්න පුලුවන් මෘදුකාංග ටිකක්.. තවත් ගොඩක් ඒව තියෙනව ඒත් මෙතන මං දාන්නෙ හොදම ටික..

  1. uTorrent
  2. BitTorrent
  3. Bittornado
  4. BitComet

මෙතනින් හොදම ඒව තමා ඉතින් uTorrent & BitTorrent කියන්නේ..

සරලව ටොරන්ට් ගැන...

ටොරන්ට් ෆයිල් එකක් කියන්නෙ පොඩි තොරතුරු ටිකක් අඩංගු වන දෙයක්. මේ ෆයිල් එකේ තියෙන්නෙ ඔයාල බාගත කරන ගොනුවේ නම, එම ගොනුවේ විශාලත්වය වගේම ඒ ගොනුව බාගත කල යුත්තේ කොහෙන්ද කියන පොඩි විස්තරයක්..

ටොරන්ට් Client එකක් කියන්නෙ අපි ටොරන්ට් සයිට් එකකින් බාගත කරන පොඩි ෆයිල් එක අඩාරයෙන් අපිට අවශ්‍යය කරන දේ බාගත කරගන්න තියෙන මෘදුකංගය..

ටොරන්ට් Tracker එකක් කියන්නෙ සේවාවක්.. ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන පුද්ගලයන්ව කලමණාකරනය කිරීම තමා මෙමගින් සිදු වන්නේ..

------------------------------------------------------------------------------------------------------------------------

අද හෙටම මං ටොරන්ට් ගැන තියෙන ලිපි පෙල ඉක්මනටම දෙන්නම්.. ටොරන්ට් ගැන සම්පූර්ණ විස්තරයක් මෙම ලිපි පෙල මගින් ඔයාලට දෙන්න මං බලාපොරොත්තු වෙනව.. පුංචියට comment එකකුත් දාගෙනම යන්න.. වැරද්දක් තියෙනවනම් කරුණාකරල පෙන්නල දෙන්න.. ස්තූතියි..!!
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment