අද මං කියන්න යන්නෙ කොහොමද ඕනිම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කරන්නෙ කියල ලේසියෙන්ම.. මීට කලින් ලිපිය තුලින් මං කිව්ව රූට් කරනව කියන්නෙ මොකද්ද වගේම රූට් කිරීමෙන් ඇති වන වාසි වගේම අවාසි ගැන..
රූට් කල පසු දුරකථනය සතු වගකීම් සහතිකය අවලංගු වෙයි..!!
iRoot - Download
මෙම මෘදුකාංගය පරිඝනකය තුල ස්තාපනය කිරීමෙන් අනතුරුව දුරකථනයේ සැකසුම් පහත ආකාරයට වෙනස් කරගන්න..
- Setttings > Security > Unknown Source
- Setttings > Development > Usb Debugging
හරි දැන් අපිට අන්තර්ජාල පහසුකම අවශ්‍ය වෙනව.. ඒ වගේම දැන් මං පහලින් කියල තියෙන විදියට කරන්න..
- පරිඝනකය අන්තර්ජාලයට සම්බන්ද කරන්න
- iRoot මෘදුකාංගය Open කරගන්න
- දුරකථනය පරිඝනකයට සම්බන්ද කරන්න
ඔයාගෙ දුරකථනය පරිඝනකයට සම්බන්ද උනාම එහෙනම් ඔය උඩ තියෙන පින්තූරෙ වගේ දුරකථනයෙ නම තියෙන්න ඕනි.. එහෙම නැත්නම් ගූගල් වල ඔයාගෙ දුරකථනයට අදාල ඩ්‍රයිවර්ස් හොයාල පරිඝනකයෙ ඉන්ස්ට්‍රොල් කරල ආපහු ෆෝන් එක ගහල බලන්න හරිද කියල..
හරිද?? දැන් මං කියපු විදියට ඔයාගෙ දුරකතනයෙ නම එතන තියෙනවනම් දකුණු පැත්තෙ පහල ඇති කොළ පාටට පොඩි කොටුවක රූට් කියල.. එතනට click එකක් දෙන්න.. එහෙනම් දැන් රූට් වෙන්න පටන් ගත්ත..
රූට් උනානම් හරියට ෆොන් එක Restart වෙයි.. එතකොට බලන්න පහල තියෙන පින්තූරෙ වගේ ඇප් එකක් තියෙනවද කියල.. එහෙම තියෙනවනම් වැඩේ ගොඩ..
ඉස්සරහට කියල දෙන්නම් රූට් කරල කරන්න පුලුවන් සුපිරිම වැඩ ටිකක්..
0 comments:
Post a Comment