High Speed Torrent Download - සුපිරි වේගයෙන් ටොරන්ට් බාමු

ඔන්න අද ගෙනාව ටොරන්ට් එකේ දෙවන කොටස වගේම මේක ගොඩක් වටින ලිපියක්.. ඒ නිසා මතක ඇතුව නිකන් බලල යන්නෙ නැතුව පොඩි Comment එකක් දාන්න ඔයාගෙ වටිනා කාලයෙන් තප්පර 5ක් වැය කරල.. ටොරන්ට් ගැන මං කලින් ලිපියෙ පොඩි විස්තරයක් කලානේ.. ඒක බැලුවෙ නැත්නම් ඒක මුලින් බලල ඉන්න.. මේ ලිපියෙන් කියන්න යන්නෙ ඔයාගෙ ටොරන්ට් එකේ Download Speed එක වැඩි කරගන්න හැටි..



  • මුලින්ම ඔයාල Download කරන File එකේ Seeds ල වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් තමා File එකක් ඉක්මනටම download කරගන්න පුලුවන් වෙන්නෙ.. ඒ නිසා torrent වලින් download කරනකොට හැකි තරම් වැඩි seeds ප්‍රමාණයක් ඉන්න file එකක් ‍තෝරගන්න download කරන්න.. 

  • මගේ සමහර වෙලාවට තියෙන්නෙ මේ වගේ download speed එකක්.. මේ තියෙන විදියට කරන්න ඔයාල එතකොට හොද වේගයක් ගන්නෙ කොහොමද කියල ඔයාටම බලාගන්න පුලුවන්.. ඔයාගෙ නෙට්වර්ක් එක අනුව මෙම වේගය වෙනස් වෙන්න පුලුවන්..


  • ඔයාගෙ Torrent software එකේ options වල preferences වලට යන්න.. නැත්නම් Ctrl එකයි P එකයි ඔබන්න.. ( Ctrl+P )


  • Connection වලට ගිහින් මේ විදියට වෙනස් කරන්න..
  • port used for incoming connections  45682 කරන්න..
  • Randomize port each start කියල තියෙන තැන ටික් එකක් තියෙනවනම් ඒක අයින් කරන්න..




  • Bandwidth කියන එකට ගිහින් මේ විදියට වෙනස් කරන්න..
  • Maximum upload rate කියන එකට 10 දාන්න
  • Globle maximum number of connections කියන එකට 200 දාන්න
  • Maximum number of connected peers per torrent කියන එකට 1890 දාන්න
  • Number of upload slots per torrent කියන එකට 14 දාන්න



  • Bittorrent කියන එකට ගිහින් මේ විදියට වෙනස් කරන්න..
  • Outgoing කියන එක Enabled කරන්න



  • Queueing කියන එකට ගිහින් මේ විදියට වෙනස් කරන්න..
  • Maximum number of active torrents කියන එකට 60 දාන්න
  • Maximum number of active downloads  කියන එකට 63 දාන්න
  • Minimum ratio (%)  කියන එකට 0 දාන්න
  • Minimum seeding time  කියන එකට 100 දාන්න
  • Minimum number of active seeds  කියන එකට 0 දාන්න
  • Seeding tasks have higher priority than downloading tasks කියන තැනට ටික් එකක් දාන්න




  • Advanced කියන එකට ගිහින් මේ විදියට වෙනස් කරන්න..
  • bt.allow_same_ip කියන එක True විදියට වෙනස් කරන්න




  • එතනම පහලට යනකොට rss_update_interval කියල තියෙන එකට 15 දාන්න



මෙහි වැඩ දැන් අවසන්.. OK කරල බලන්න දැන් SPEED එක කොහොමද කියල.. කලින්ට වඩා නම් වේගයෙ වෙනසක් තියෙන්න ඕනි.. තවත් පොඩි දේවල් ටිකක් කරල තව ටිකක් SPEED එක වැඩි කරගන්න පුලුවන් ඔයාලට..
  • දැන් download file එක උඩ right click කරල .Bandwidth Allocation කියන එකට High දෙන්න..




  • Badwidth Allocation එකෙන් Upload Limit කියන එකට 5% දෙන්න. නමුත් මතක තියාගන්න හොද වේගයක් ලබාගන්න නම් පසුවට මෙම කොටස නැවත Unlimited කරන්න.. ඔබගේ upload ප්‍රමාණය හොද වේගයකට අත්‍යවශය අංගයක් වෙනව.. ඔයා download කරල අවසන් උනාම මේක unlimited කලාම ඇති. මේකට data ගොඩක් කැපෙන්නෙ නැහැ.. ඒ නිසා බය වෙන්න එපා..





ඔයාලගෙ download කරන torrent file එකේ seeds ල ප්‍රමාණය අඩු නම් මේ විදියට කරන්න..


  • ඔයාල download කරන file එක උඩ double click කරන්න..  එතකොට ඔයාලට open වෙන window එකේ පහලින් ඇති Trackers (separate tiers with an empty line) කියල..



  • දැන් මෙතන මං පහලින් දාල තියෙන ලින්ක් එකෙන් ගිහින් 2016 වසරට update වෙන Trackers ටිකක් ‍තෝරගෙන copy කරගන්න..
Trackers
  • ඒ copy කරගත්ත ටික අර Trackers ල කො‍ටුවෙ පහලින්ම paste කරන්න.. දැනට තියෙන කිසිම දෙයක් ඒ කො‍ටුව තුල DELETE කරන්න එපා..!!
  • දැන් OK කරන්න..



වැඩේ හරිද මචන්.. එහෙනම් ඉතින් දැන් ඇති තරම් torrent වලින් download කරන්න තමා තියෙන්නෙ.. මේක මං ඔයාලට ගෙනාවෙ ලංකාවෙ තියෙන blog/web site ටිකකින් විස්තර අරගෙන කියලත් කියන්න ඕනි.. ඒ blog/web වල තිබුන දේවල් එකතු කරපු එක විතරයි මං කලේ.. ඒ නිසා පහලින් මං මේ ගැන විස්තර ගත්ත site වල නම් ටිකත් දාන්නම්.. මේ ලිපියට ලැබෙන ස්තූතිය එයාලටත් අයිති වෙනව.. 
  1. බයිස්කෝප්.කොම්
  2. ලිපි ගබඩාව බ්ලොග් පි‍ටුව


තව දෙයක් තමා මෙතන කිසිම දෙයක් copy / paste කරල නැහැ.. පැය 3ක් තිස්සෙ තමා මං මේ පොස්ට් එක ටයිප් කරල,ෆොටොස් හදල ඔයාලට ගෙනාවෙ.. ඒ නිසා මේ පොස්ට් එක හොදද නද්ද කියලවත් පොඩි comment එකක් දාල යන්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනව.. මට ලැබෙන එකම සතුට ඔයාලගෙ comment එකක් තුල ඇති ස්තූතිය හෝ මා කර ඇති වරදක් පෙන්වා දීම පමණයි..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

3 comments: