මොකද්ද රූට් කරනව කියන්නෙ?
රූට් කරනව කියන්නෙ අපේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය තුල තියෙන සීමාවන් බිද දානව කියන එකයි. අපි ජංගම දුරකතනයක් මිලදී ගන්නකොට තිබෙන මෙහෙයුම් පද්දතියට යම් සීමාවක් පනවල තමා එයාල අපිට දෙන්නේ.. එම සීමාවල් සියල්ල ඉවත් කොට පාලනය අපි සතු කරගැනීමට නම් අපි මේ කතා කරන මාතෘකාව වන රූට් කරන්න වෙනව..
රූට් කිරීම ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට අනතුරු දායකද??
රූට් කරන අකාරය ඇතැම් උපාංගයකින් තවත් උපාංගයකට වෙනස් වෙනව.. එම නිසා රූට් කිරීමට කලින් ඔබ සතු උපාංගය රූට් කිරීමට හැකියාව තියෙනවාද කියල Google වල පොඩි සෝදිසියක් කරන්න.. ඒ වගේම රූට් කරනකොට ඇතැම් උපාංග බ්‍රික් වීමට පුලුවන්.. හරියාකාරව සොයාබලා රූට් කරනවනම් මෙවැනි අනතුරු වලින් මිදීමට ඔබට පුලුවන් වෙනව..
රූට් කිරීමේ වාසි මොනවාද?
- අප්ඩේට් නොමැතිව තියෙන උපාංග වලට අපිට පුලුවන් වෙනව වෙනම අලුතින් එන සංස්කරන ස්තාපනය කරන්න.. මේ සදහා රූට් කර තිබීම අත්‍යවශය වෙනව..
- ලොකු පරිමාණ වල App අපිට පුලුවන් වෙනව SD Card එක තුල ස්තාපනය කිරීමට..
- උපාංගයට අපිට අවශ්‍යය කරන ඕනිම App එකක් ස්තාපනය කිරීමට ඇති හැකියාව..
- අපිට අවශ්‍ය අකාරයට උපාංගයේ පෙනුම වෙනස් කර ගැනීමට ඇති හැකියාව..
- මේ වගේ තවත් බොහෝ වාසි තියෙනව.. ඒ වගේම තමා ඉතින් අවාසි..
රූට් කිරීමෙන් ඇති වන අවාසි?
- රූට් කිරීම නිසා ඇතැම් උපාංග වල Network Connection අඩු වීමට පුලුවන්..
- ඒ වගේම Speed එක පෙර තිබුනාට වඩා අඩු වෙන්න පුලුවන්..
- වැදගත්ම කරුන තමයි ඔබ රූට් කල පසු උපාංගයට ලබා දෙන වගකීම් සහතිකය අවලංගු වීම.. මේ නිසා රූට් කරනවනම් වගකීම් කාලය අවසාන වෙන තුරු සිටින එක ඔබගේ කැමැත්තක්..
හරියාකාරව සොයා බැලීමකින් තොරව රූට් කරන්න නම් යන්න එපා.. සිදු වන අලාභ වලට මං වග කියන්නෙ නම් නැහැ.. පාඩුව ඔයාටම තමා.. රූට් කිරීම ඔබට අත්‍යවශය නොවෙනම් කරුණාකර වගකීම් කාලය අවසන් වෙනකන් වත් සිටින්න..
පෝස්ට් එක හොදද කියල comment එකක් දාගෙනම ගියානම් මටත් සතුටුයි.. ඔබට ජය..!!
මගේ blog එකෙත් root කරනව කියන්නෙ මොකක්ද කියල post එකක් තියෙනව.
ReplyDeleteමොකක්ද මේ Android පෝන් root කරනව කියන්නෙ