How To Lock And Unlock USB Port - අපිට ඕනි වෙලාවට යූ.එස්.බී වැඩ කරවමු





මෙන්න මේකයි මචං කතාව. සමහර කට්ටිය ඉන්නවනෙ අපි නැති වෙලාවට අපේ පරිඝනකයෙන් මොනාම හරි දෙයක් පන්නගන්න බලාගෙන.. එහෙම බලන් ඉන්න අයට මේ වැඩේ කලානම් ගොඩ.. අපේ මල්ලිගෙනුත් මේ වදේ මට තිබුන.. මගෙ Games , Software එහෙම එයා මං නැති වෙලාවට හොර කොපියක් දාගන්නව.. බැහැනෙ ඉතින් බේරෙන්නම.. මේ වැඩේ කලාට පස්සෙ එයා Silent.. දැන් ඉතින් උබල කියන්න එපා මං ආත්මාර්තකාමියෙක් කියල.. එහෙම නෙවෙයි මිනිහ තාම ඉස්කෝලෙ යනවනෙ. විභාග වලින් ලකුණු අඩු උනාම අපේ අම්මා බනින්නෙ මට.. නිකං මොකටද බැනුම් අහන්නේ.. හරි එහෙනම් ඒ කතන්දර වලින් වැඩක් නැහෑ අපි අපේ කතාවට බහිමු.. මේක කරන්න මොකුත් Software ඕනි වෙන් නැහැ.. ඒ නිසා හොදට බලල කරන්න පටන් ගන්න..



  • මුලින්ම Windows Button එකයි R Button එකයි ඔබන්න.. දැන් ආවද පහල තියෙනව වගේ එකක්? ආවනම් හරි.. ආවෙ නැත්නම් ආපහු පාරක් ට්‍රයි කරන්න.. අනිව එනව Windows OS වල..




  • හරි දැන් ඒකෙ regedit කියල type කරල Enter කරන්න..
  • ඔයාට මේ වගේ එකක් ආවනම් එකෙ මං මේ කියල තියෙන පිලිවෙලට යන්න.. පහලින් පින්තූරයකුත් දාල ඇති තේරුනේ නැත්නම් බලන්න.. 


HKEY_LOCAL_MACHINE/>SYSTEM/>CurrentControlSet/>Services/>usbstor






  • ඔතන තියෙන Start කියන එක Double Click කරන්න.. එතකොට එනවනෙ මේ වගේ..



  • ඔතන තියෙනවනෙ Value data වල 3 කියල.. ඒක 4 කියල වෙනස් කරල OK කරන්න.. දැන් වැඩේ ගොඩ.. මේක ආපහු හදාගන්න පුළුවන් 4 කියන එක වෙනස් කරන්න 3 විදියට.. හරිනෙ එහෙනම් මං ගියා.. 



හරි එහෙනම් ආපහු ලිපියක් අරන් එන්නම් ඉක්මනටම.. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් මේ සම්බන්දව Comment එකක් දාන්න..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment